Skip to main content

පරිගණකයේ ඉතිහාසය Computer History

සකසනයේ  පරිනාමය  අනුව  පරිගණකයේ  සුවිශේෂී වෙනස්කම් පරම්පරා අනුව  අනාවරණය 

පරිගණකයේ  ඉතිහාසය

පරිගණකය  වර්තමානය වන විට  මිනිසාට සමීපම  මෙවලමක් ලෙස  සැලකිය හැකිය.මුල් කාලීන මිනිසා  අතේ ඇගිලි හරහා සිදු කරන ලද ගණනයන් ක්‍රමයෙන් විවිද උපකරණ  දක්වා වැඩි දියුණු  විය.මෙම වැඩි දියුණු විම කාලච්ඡේද කිහිපයක් යටතේ බෙදා දක්වනු ලබයි.

01.පුර්ව  යාන්ත්‍රික  යුගය(1450 ට පෙර)
02.යාන්ත්‍රික යුගය (1450-1840)
03.විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840-1940)
04.විද්‍යුත්  යුගය (1940  සිට මේ දක්වා)

01.පූර්ව යාන්ත්‍රික යුගය


ගණනය සඳහා ඇබකසය යන උපකරණය මෙම යුගයේදී භාවිතා කරන ලදී. මෙම ඇබකසය වසර 5000 පමණ පෙර චීනයේ භාවිතා කරන ලද උපකරණයක් ලෙස සැලකේ.

02.යාන්ත්‍රික යුගය(1450-1840) 


1.නේපියර්ගේ ඇත්දලතීරු 

                           1617 දී ජෝන් නේපියර් විසින් ලඝුගණක සිද්ධාන්තය ලොවට හෙළි කරන ලදී.ලඝුගණක සංකල්පය භාවිතයෙන් සංකීර්ණ ගණනයන් ඉතා පහසුවෙන් සිදු කිරීමේ  හැකියාව ලැබිණි මෙම ලඝු ගණනයන් සඳහා ලඝුගණක වගු අවශ්‍ය වූ අතර ඒවා ඇත් දළ තීරු වල සටහන් කර ලදී මෙම ඇත් දළ තීරු Napier's Bonds ලෙස හඳුන්වයි.

2.නේපියර්ගේ ඇත්දලතීරු  සංකල්පය භාවිතා කරමින් 1632 දී සර්පන රූල එංගලන්තයේදී නිර්මාණය කරන ලදී.

3.ආකලන යන්ත්‍රය 

අපි මෙම යන්ත්‍රය ලෙස ද හඳුන්වයි.1642 දී ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් විසින් ගණිත කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම සඳහා මෙම ආකලන යන්ත්‍රය හඳුන්වා දෙන ලදී. මේ හරහා එකතු කිරීම හා අඩු කිරීම යන ගණිත කර්ම සිදුකළ හැකි විය.

4.Stepped Reckoner

1674 දී ජර්මානු ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් විසින් මෙම යන්ත්‍ර නිර්මාණය කරන ලදී blaise pascal ගේ ආකලන යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් මෙය නිර්මාණය කරන ලද අතර මේ හරහා එකතු කිරීම(+) අඩු කිරීමට(-) අමතරව ගුණ කිරීම හා බෙදීමද සිදුකල හැකි විය.

5.Difference Engine

1822 දී චාල්ස් බැබේජ් විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා වන ආකෘතිය නිර්මාණය කරන ලදී.මෙය Difference එන්ජිම ලෙස හඳුන්වයි.

6.Analatical engine

1833 දී චාල්ස් බැබේජ් විසින් ඇනලටිකල් එන්ජිම නිර්මාණය කර ලදී. මේ සඳහා ප්‍රධාන අඩිතාලම වූයේ සිදුරුපත් සංකල්පයි. එම යන්ත්‍රය තුළ දත්ත ආදානය,ගබඩා කිරීම, සකස් කිරීම සහ ප්‍රතිදානය සඳහා වෙන වෙනම ඒක ඇතුළත් කර තිබූ අතර පසු කාලීනව නිර්මාණය ද පරිගණකවලට මෙම උපාංග වැඩි දියුණු වෙමින් පවතින නිසා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස සැලකේ.

ප්‍රථම ක්‍රමලේඛන ශිල්පිනිය නම් කරනු ලබන්නේ ඇඩා ඔගස්ටා ලව්ලේස්ය. ඇය විසින් charles babbage නිර්මාණය කළ analtical එන්ජිම සඳහා අවශ්‍ය කරන වැඩසටහන් නිර්මාණය සඳහා උනන්දු විය. [වර්තමානයේ ඇයට ගරු කිරීමක් ලෙස හමුදා කටයුතු සඳහා භාවිතා කරන පරිගණක භාෂාවක් Ada ලෙස නම් කරන ලදී.]

විද්‍යුත් යාන්ත්‍රික යුගය


⊙ 1906 දී "Forest" විසින් විසින් නිර්මාණය කරන ලදී.
⊙ 1939 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හෝවර්ඩ් ඒකන්  විසින් ස්වයංක්‍රීය අනුක්‍රමික පාලකය හෙවත් "Mark 1" නිර්මාණය කරන ලදී.[මෙය ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය  ලෙස හැඳින්වේ].


පරිගණක පරම්පරා (computer generations)

පරිගණක නිර්මාණය සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන තාක්ෂණය අනුව පරිගණක ප්‍රධාන පරම්පරා 5ක් යටතේ විස්තර කෙරේ .
1.පළමුවන පරම්පරාවේ පරිගණක
2. දෙවන පරම්පරාවේ පරිගණක 
3.දෙවන පරම්පරාවේ පරිගණක 
4.සිවුවන පරම්පරාවේ පරිගණක 
5.පස්වන පරම්පරාවේ පරිගණක 

1.පළමුවන පරම්පරාවේ පරිගණක

පළමු පරම්පරාවේ පරිගණක සඳහා මූලික වශයෙන් යොදා ගනුයේ රික්තක නල වන අතර මේවා ප්‍රමාණය විශාල වූ අතර මුල් මුල්කාලීන තාක්ෂණයකි.
නිර්මාණ ලද්දේ Lee the forest විසිනි
පළමු පරම්පරාවේ පරිගණක වල ලක්ෂණ,
ප්‍රමාණය විශාල වීම.
එහා මෙහා ගෙන මෙහා ගෙනයාමට නොහැකි වීම. 
අධික තාපයක් උත්පාදනය වීම. 
වැඩි විදුලි පරිභෝජනය. 
රික්තයක නළ නිතර දැවීයාම. 
මිල අධික වීම සහ විශ්වාසනීයත්වය අඩුවීම.

·ABC(Atanasoft Berry Computer)


මෙය පළමු විද්‍යුත් පරිගණ ලෙස හඳුන්වයි. මෙය නිර්මාණය කළ ලද්දේ Vincent Atanasoft & Clifered Berry යන දෙදෙනා විසිනි.

ᐒ ENIAC(Electronic Numerial Intergrator and Calculator)
ENIAC පරිගණකය පළමු විද්‍යුත් සංඛ්‍යාංක පරිගණක ලෙස හඳුන්වයි.
1946 දී පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශය විසින් නිර්මාණය කරන ලදී. මේ සඳහා දායක වූ විද්‍යාඥයන් වන්නේ ජෝන් ප්‍රෙස්පර් එකර්ට් සහ ජෝන් විලියම් මුව්ලි යන දෙදෙනාය.
මේ සඳහා රික්තක නල 18000ක් පමණ යොදා ගත් අතර තත්පරයට ගණනය කිරීම් 5,000 ක් පමණ සිදු කළ හැකි විය.
⃘⃘⃘⃘
ᐒ EDSAC
වොන් නියුමාන්ගේ හ්අාචයන ක්‍රමලේඛන  සංකල්පයට අනුව 1947 දී මවුරියස් වික්ස්  විසින් මෙම පරිගණකය නිර්මාණය කරන ලදී.
මෙය ලොව ප්‍රථම ආචයන ක්‍රමලේඛන පරිගණකයයි.

ᐆ EDVAC
1948 දී නිර්මාණය කරන ලද මෙම පරිගණකය ආචයන ක්‍රමලේඛන  සංකල්පයට අනුව නිර්මාණය වූ පරිගණකයකි. මේ සඳහාද දායක වූයේ john presper eckert සහ ජෝන් විලියම් මුව්ලිය

ᐆ UNIVAC

•දෙවන පරම්පරාවේ පරිගණක 

දෙවන පරම්පරාවේ පරිගණක වල මූලිකම තාක්ශණය උපාංග ලෙස ට්‍රාන්සිස්ටර් භාවිතා කරන ලදී…
*මෙම ට්‍රාන්සිස්ටර් නිර්මාණයකරනු    ලැබුවේ,
1.විලියම් ශෝක්ලි.
2.ජෝන් බාර්ඩීන්
3.වොල්ටර් බාර්ට්රේන්
යන තිදෙනාය.

පළමු පරම්පරාව හා සසදන විට දෙවන පරම්පරාවේ පරිගණක වල පහත ලක්ෂණ දැකගත හැක .
1.ප්‍රමාණයෙන් කුඩා වීම 
2.පිරිවැය අඩු වීම 
3.සාපේක්ෂව අඩු තාපයක් පිට වීම 
4.වැයවන විදුලි ප්‍රමානය අඩුවීම

IBM 1620,IBM 7094,CDC 1604,CDE 3600,Univac 1108 මෙම අවදියේදී නිර්මාණය කළ පරිගණක කිහිපයකි.

තුන්වන පරම්පරාවේ පරිගණක(1964-1975)

මෙම පරම්පරාවේ පරිගණක විසින් ට්‍රාන්සිස්ටර් වෙනුවට මූලික තාක්ෂණික  උපාංගය ලෙස අනුකලිත පරිපථ භාවිතා කරන ලදී.
එක් අනුකලිත පරිපථයක් තුල ට්‍රාන්සිස්ටර් ගණනාවක් අඩංගු වන නිසා පරිගණක ප්‍රමාණය කුඩා වීමත්, ක්‍රියාකාරී වේගය වැඩි වීමත් සිදුවිය.

*මෙහිදී IC තුළ transistors,resistors සහ capasitors අඩංගු වේ.

*තුන්වන පරම්පරාවක් තුළ දී මුල්වරට යත වරට යතුරු පුවරුවක් සහ මොනිටරයක් යොදාගෙන දත්ත ආදානය සහ ප්රතිදානය සිදුකල හැකි විය.

•තුන්වන පරම්පරාවේ පරිගණක වල ලක්ෂණ
1විශ්වාසනීයත්වය වැඩි වීම
 2ප්‍රමාණයෙන් කුඩා වීම. 
3අඩු විදුලියක් වැය වීම. 
4වේගවත් වීම. 
5උසස් පරිගණක භාෂාවන් භාවිතා කිරීමට හැකි වීම.

[IBM 360 Series,PDP,TDC 316 මෙම අවධියේදී නිර්මාණය කළ පරිගණක කිහිපයක් වේ.]

Comments